එජාප – සබජ සන්ධානයේ නායකයා කවුද ? – හරීන් ප්‍රානාන්දු කළ හෙළිදරව්ව

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයට නායකත්වය දෙන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉක්මනින් හමුවනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ උපදේශක කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ඇති බවයි. “ඔහු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බව මහා නාහිමිවරුන් හමුවේ පවසා තිබුණා. ඒ තීරණයේ වෙනසක් නැහැ. එක්සත් ජාතික පක්ෂය යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර පන්දුව දැන් සමගි ජන බලවේගය පිටියේ තිබෙන්නේ” හරින් ප්‍රනාන්දු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය පවත්වා ගෙන යාම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කළ හැකි බව හරීන් වැඩි දුරටත් පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website