අකුරේගොඩ ද්විත්ව ඝාතනයට භාවිතා කළ බව කියන මෝටර් රථය සොයා ගනී

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තුවක්කුකරුවන් විසින් භාවිතා කරන ලද බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය කුට්ටියාවත්ත ප්‍රදේශයේ ප්‍රවේශ මාර්ගයක තිබී සොයා ගෙන ඇති බව පොලිස් මූලාශ්‍ර උපුටා දක්වමින් වෙබ් අඩවි රැසක් වාර්තා කර ඇත.

මෙම මාධ්‍ය වෙත නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසා ඇත්තේ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට භාවිතා කළ බව කියන මෝටර් රථය අගලිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇති බවට තොරතුරු ලැබුණු බවයි. විමර්ශන කණ්ඩායම් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ එකී මෝටර් රථය ගිනි ගෙන ඇති බව නිරීක්ෂය කර ඇත.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website