T20 ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව අපරාජිතව ‘B’කාණ්ඩයේ පෙරමුණට: ඕමානයට එරෙහිව ලකුණු 105ක විශිෂ්ඨ ජයක්

Sri Lanka (SL)vs Oman (OMA) Highlights, T20 World Cup: Sri Lanka bag huge win in Pallekele, beat Oman by 105 runs - India Today

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානයට එරෙහිව අද (12) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරයෙන් ලකුණු 105ක අති විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඕමාන කණ්ඩයමේ නායකයා පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 05කට ලකුණු 225ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් පන්දු 45කට ලකුණු 61ක් ද, පවන් රත්නායක පන්දු 28කට ලකුණු 60ක් ද රැස් කළ අතර දසුන් ශානක පන්දු 20කදී ලකුණු 50ක් රැස් කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09කට ලකුණු 120ක් රැස් කළේය.

ඕමාන ඉනිමේ එකම ගැලවුම්කරුවා වූ මොහොමඩ් නදීම් නොදැවී ලකුණු 53ක් රැස්කළ අතර, වසීම් අලි ලකුණු 27ක් රැස්කළ නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 9න් ඉහළට ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර (2/19), මහීෂ් තීක්ෂණ (2/11) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

මෙම ජයත් සමග මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාවට ‘B’කාණ්ඩයේ පෙරමුණ අත්පත් කරගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාව හා ඕමානය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ හමුවූ පළමු අවස්ථාව මෙය වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website