හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට (03) පෙ.ව 09.30ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට මීට පෙර ජනවාරි 27 වන දින FCID හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, ඇයගේ නීති උපදේශකයා හරහා ඇයට එම දිනයේ පෙනී සිටීමට නොහැකි බව බලධාරීන්ට දන්වා සති දෙකක කාලයක් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියාය.
මෙම ඉල්ලීමට සහාය දැක්වීම සඳහා කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසූ අතර පෙබරවාරි 03 වන දින පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී ඇත.















