මාලිමා රජය විසින් අලුතින් යෝජනා කරන ලද විදුලි ප්‍රතිපත්තිය පාරිභෝගිකයින්ට මෙන්ම පුනර්ජනනීය බලශක්ති අංශයට ද දැඩි පීඩාවකට ලක්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.
‘මෙය අඩු ආදායම්ලාභීන් වින්දිතයින් බවට පත් කරනවා’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
වීදි ලාම්පු සඳහා පාරිභෝගික ගාස්තු අය කිරීමේ යෝජනාව හෙළා දුටු විපක්ෂ නායකවරයා වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ජනතාව ප්‍රතික්ෂේප කළහොත් එය නීතිය හා සාමය පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපානු ඇති බව ද පෙන්වා දුන්නේය.
පාරිභෝගිකයා දිවා කාලයේ භාවිතා කරන ඒකක මත පදනම්ව සූර්ය ජනක යන්ත්‍ර සඳහා ගාස්තු ගෙවීම වැනි යෝජනා සම්බන්ධයෙන් මහජන මතය විමසිය යුතු බව අවධාරණය කළ සජිත් මැතිවරණ සමයේ විදුලි ගාස්තු 33%කින් අඩු කිරීමට දුන් පොරොන්දුව ද යළි සිහිපත් කළේය.
11.57% කින් වැඩි නොකළ යුතු අතර අවශ්‍ය උපරිම ප්‍රමාණයට පුනර්ජනනීය බලශක්ති අංශයට සහාය දැක්වීමට රජය පියවර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා දැඩිව අවධාරණය කළේය.













