දිට්වා සුළි කුණාටුව නිසා අතිවිශාල මූල්‍ය පාඩුවක් රටට සිදුව ඇති මොහොතක තවමත් රජය ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීම සිදු නොකරන්නේ ඇයි ද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
මේ වන විට යටිතල පහසුකම් පමණක් ඩොලර් බීලියන 4.1ක් පමණ හානි වි ඇති බව පෙන්වා දුන් විපක්ෂ නායකයා මේ පසුබිම තුළ රජය කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන ලබා දීම කෙරෙහි ද සිවිල් ආරක්ෂක නිලධාරීන්ට සිදු කරන අකටයුතුකම් සම්බන්ධයෙන් ද විපක්ෂ නායකවරයා රජයේ අවධානය යොමු කළේය.














