ජාතික පාසල්, පළාත් පාසල් භේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහනේ දීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ කිලිනොච්චිය නෙළුම් පියස පරිශ්‍රයේදී පැවැත්විණි.
වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් සිසුසිසුවියන් 274 දෙනකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 27.4ක් වැය කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ ජාතික පාසල්, පළාත් පාසල් භේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බවයි. ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වූවාය.
















