මාළිමාවට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැයත් බහුතර ඡන්දයෙන් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය අද (11) වැඩි ඡන්ද 5කින් පරාජයට පත්විය.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ජන්දයේදී  අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබුණ අතර පක්ෂව ඡන්ද 07ක් ලැබුණ අතර එක් සභිකයෙකු සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අයවැය පරාජයට පත් වෟමෙන් අනතුරුව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් සභාව හෙට දිනය දක්වා කල් තබා රැස්වීමේ වැඩ කටයතු අවසන් කළේය.

නගරාධිපතිවරයා ගත්  පියවර නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සඳහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම්වරයා  හරහා නගරාධිපතිවරයාට භාර දීමට විපක්ෂය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website