මෙම ආපදා අවස්ථාවේදී ඉතා වගකීමෙන් හැසිරෙන ලෙසත් රණවිරුවන් ඇතුළු ආපදා සහන සේවා නිලධාරීන්ගේ කටයුතුවලට බාධා නොවන ලෙසින් කටයුතු කරන ලෙසත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිසි මුණසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව පවුල් 407,594කට අයත් පුද්ගලයන් 14,66,615 ක් පීඩාවට පත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ අද (02) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිසි මුණසිංහ මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට UNICEF, UNDP, WFP, FAO වැනි ජාත්‍යන්තර සංවිධාන රැසක් ශ්‍රී ලංකාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාවේ පෞද්ගිලක ආයතන රැසක් මහා පරිමාණයෙන් සහය දැක්වීමට ඉදිරිපත් වී ඇති බවද සඳහන් කළේය.













