ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා පවසයි.
දිසා ලේකම්වරයා වැඩි දුරටත් ප්රකාශ කළේ බදුල්ල දිස්ත්රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි.
මේ අතර හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ, හැටන්, වටවල, දියගල හා කළුගල යන ප්රදේශවල මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාර්ගයේ රිය ධාවනයේ දී තව දුරටත් ප්රවේශම් වන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් ඉල්ලා සිටී.











