ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.
ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙස ඔහු අවධාරණය කළේය.
ජල ගැලීම් තත්ත්වයන් තුළ පාචනය වැනි රෝග ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි මුතුකුඩ මහතා කුඩා දරුවන්ට ද උණු කර නිවා ගත් ජලය පමණක් පානය කිරීමට ලබා දෙන ලෙස දැඩිව අවධාරණය කළේය.
“මේ වන විට බොහෝ තැන් වල වැසි ජලය ඒකරාශී වී තිබෙනවා. මදුරුවන් බෝවීමේ ස්ථාන නිවාස අවට තිබිය හැකි බැවින් නිවාස පිරිසිදු කිරීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඉදිරියේ දී ඩෙංගු සහ චිකන්ගුන්යා පැතිරීමේ දැඩි අවදානමක් වර්ධනය වෙන්න පුළුවන්.” මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.













