දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගං වතුරෙන් යටවීම්, මාර්ග අවහිර වීම් ආදී ආපදා තත්ත්වයන් ඇතිවීම හේතුකොට ගෙන අද (27) , හෙට (28) සහ (29) සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම දින තුන තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
අද (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බව ඇය මේ බව පැවසුවාය.
ඉරිදා දිනය වන විට කාලගුණය යම් යහපත් තත්ත්වයකට පත්වේ යැයි බලාපොරොත්තු වන බව ද ඒ අනුව සඳුදා දින සිට නියමිත කාලසටහනට අනුව විභාග පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මෙම දින තුනට අදාළව කල් දමන ලද විභාග දෙසැම්බර් 07, 08 සහ 09 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුම අංශ සමග සාකච්ඡා කරගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලුම දිස්ත්‍රික්ක වලින් ලැබෙන තොරතුරු අනුව ඉදිරියේදී විභාගය බාධාවකින් තොරව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව ද නිවේදනයේ සඳහන් වේ.











