සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ අද (26) උදෑසන පැවති සාකච්ඡාවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අර්ධ එකඟතාවකට පැමිණිය ද තම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යාමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසයි.
සාකච්ඡාව සම්පූර්ණයෙන් සාර්ථක නොවූ බවත් වර්ජනය තීව්‍ර කළ යුතුද නැද්ද යන්න තව දින කිහිපයකින් තීරණය කරන බවත් ඔහු පැවසුවේය.
මේ අතර අද පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කරුණ සමාලෝචනය කළ බවත් එහිදී වඩාත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා විකල්ප සාකච්ඡා කළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කීවේය.











