ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් ආරක්ෂාව ගැන ප්‍රබල සහතිකයක්

අඟහරුවාදා බෝම්බ ප්‍රහාරය 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය පිළිබඳ මතකයන් නැවත ගෙන ආවේය. ටෙස්ට් තරඟයක් සඳහා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයට රැගෙන යමින් සිටියදී තුවක්කුකරුවන් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායම් බස් රථයට වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හය දෙනකු තුවාල ලැබූහ.

මේ සතියේ ඉස්ලාමාබාද්හි සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 දෙනෙකු මිය යාමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පාකිස්තානයෙන් පිටව යාමට සූදානම් විය පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මොහ්සින් නක්වි රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ආරක්ෂාව සපයන බවට පොරොන්දු විය

මේ සතිය මුලදී ඉස්ලාමාබාද් අගනුවර බෝම්බ පිපිරීමක් හේතුවෙන් ඇති වූ ආරක්ෂක බිය මධ්‍යයේ, පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ එක්දින තරගාවලිය අද (14) රාවල්පින්ඩි හිදී නැවත ආරම්භ කරනු ඇත.

රාවල්පින්ඩි හි පැවති පළමු එක්දින තරගයට පැය කිහිපයකට පෙර අඟහරුවාදා ඉස්ලාමාබාද්හි උසාවියකදී මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනකුට යළි මවුබිමට යාමට අවශ්‍ය විය.

කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් ආරක්ෂාව සහතික කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරඟාවලිය අවසන් කරන ලෙස උපදෙස් දෙන ලදී.

PCB සභාපති සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ඊයේ (බ්‍රහස්පතින්දා) රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට ගිය අතර එහිදී ඔහු කණ්ඩායම් දෙක පුහුණුවීම් නරඹා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් හමුවිය.

“ඔබේ ආරක්ෂාව අපගේ වගකීමයි,” නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පැවසූ බව PCB විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

“ඔබේ පාකිස්තාන සංචාරය සාමයේ ජයග්‍රහණයක් සහ ත්‍රස්තවාදයේ පරාජයක්.” ඔහු අවධාරණය කළේය.

නක්වි ක්‍රීඩාංගනයට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, ඉස්ලාමාබාද් සහ රාවල්පින්ඩි ප්‍රධාන කොමසාරිස්වරුන් මෙන්ම ඉස්ලාමාබාද් පොලිස්පතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඔහු සමඟ සිටියහ.

අඟහරුවාදා බෝම්බ ප්‍රහාරය 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය පිළිබඳ මතකයන් නැවත ගෙන ආවේය. ටෙස්ට් තරඟයක් සඳහා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයට රැගෙන යමින් සිටියදී තුවක්කුකරුවන් පිරිසක් ඔවුන්ගේ කණ්ඩායම් බස් රථයට වෙඩි තැබූහ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හය දෙනකු තුවාල ලැබූහ.

මෙම සිදුවීම ආරක්ෂක බිය නිසා ජාත්‍යන්තර කණ්ඩායම් දශකයකට ආසන්න කාලයක් පාකිස්තානයෙන් ඈත්ව සිටීමට හේතු විය.

සියලුම තරඟ රාවල්පින්ඩි හිදී පැවැත්වේ.

අරාබි නිවුස් ඇසුරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website