කමිල් මිශාරට එක්දින වරම් – ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලං

Kamil Mishara Profile - Cricket Player Sri Lanka | Stats, Records, Video

වසර 7 ට ආසන්න කාලයකට පසු එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (11 දා) සහභාගිවන පළමු එක්දින තරගයේදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීම සඳහා පාකිස්තානු පිිලට ආරාධනා කළේය.

තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි‘ ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පිණි සහිත තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පැවැතීම නිසා  පළමුව පන්දු යැවීමට තීරණය කළ බව කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කර සිටියේය. මේ අතර පාකිස්තානු නායක ශහීන් ෂා අෆ්රිඩි ද සඳහන් කර සිටියේ තමන්ද කාසියේ වාසිය ජයග්‍රහණය කළේ නම් පන්දුවට පහර දීමේ අපේක්ෂාවෙන් සිටි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ඉදිරි පෙළ පිතිකරු කමිල් මිශාරට එක්දින වරම් හිමිකර දෙමින් තරගයට සහභාගිකරවීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව බංග්ලාදේශ තරගාවලියේදී ආබාධයකට ලක්ව එක්දින තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනිඳු හසරංගද මාස කීපයකට පසු යළි එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 218 වැනි ක්‍රීඩකයා ලෙසින් කමිල් මිශාර ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අතින් සිය මංගල එක්දින හිස්වැස්ම ලබා ගත්තේය.

තරගය පැවැත්වෙන ‘පිණ්ඩි‘ ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවැති තරග 3 ම ජය ගැනීමට සමත්ව ඇත්තේ හඹා ගිය කණ්ඩායම වේ. ක්‍රීඩාංගණයේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට නම් අවම වශයෙන් ලකුණු 300 සීමාව ඉක්මවාලිය යුතු බව මෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිළිවම පෙනී යනු ඇත.

පාකිස්තානු කණ්ඩායමේ සත්කාරකත්වයෙන් මෙතෙක් පවත්වා ඇත් එක්දින තරග වලදී තරග 18 ක් ජය ගනිමින් වැඩි ගෞරව අත්කර ගැනීමට පාකිස්තානු  පිල සමත්ව සිටියි. ඔවුන් මේ දක්වා පාකිස්තානයේ පැවැති තරග අතුරින් 18 ක් ජය ගැනීමට පාකිස්තානය සමත්වද්දී ශ්‍රී ලංකාව තරග 12 කදී ජය වාර්තා කරගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. පැතුම් නිස්සංක, 2. කමිල් මිශාර, 3. කුසල් මෙන්ඩිස්, 4. සධීර සමරවික්‍රම, 5. චරිත් අසලංක, 6. ජනිත් ලියනගේ, 7. කමිදු මෙන්ඩිස්, 8. වනිඳු හසරංග, 9. දුෂ්මන්ත චමීර, 10. මහීෂ් තීක්ෂණ, 1. අසිත ප්‍රනාන්දු.

පාකිස්තානු කණ්ඩායම – 1. ෆකාර් සමාන්, 2. සයිම් ආයුබ්, 3. බාබර් අසාම්, 4. මොහොමඩ් රිස්වාන්, 5. සල්මන් අඝා, 6. හුසේන් තලාත්, 7. මොහොමඩ් නවාස්, 8. ෆහීම් අශ්රෆ්, 9. ෂහිනී ෂා අෆ්රිඩි (නායක), 10. හැරිස් රාවුෆ්, 11. නසීම් ෂා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website