2026 වර්ෂයේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසන්නීය.
අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී මන්ත්‍රිවරු විසින් ඉදිරිපත් කළ ප්රශ්නවලදී එතුමිය පිළිතුරු දෙමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.
පූර්ව ළමා විය විෂය මාලා රාමුව මේ වනවිට සම්පූර්ණ කර අවසන්ව ඇති අතර 19,000ට ආසන්න පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන මේ වසරේ නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදුකරන අතර එමගින් නව විෂය මාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවද අගමැතිතුමිය ප්‍රකාශ කළාය.
පාසල් කිසිවක් නොවසන බවත් පාසල් ඒකාබද්ධ කර සංවිධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවත් පැවසූ අගමැතිතුමිය මෙය අධ්‍යාපන ප්‍රතිපත්තියේ ගුණාත්මක සංවර්ධනය හා සැමට සම අවස්ථා ලබාදීමේ අරමුණින් සිදුකරන බවය.
ඇම්.ඩී. ධර්මසිරි









E-Paper