වැලිගම සභාපති ඝාතනයේ….

වැලිගම ප්රාදේශීය සභා සභාපති ලසන්ත වික්රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව තීරණාත්මක තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් විශේෂ ප්රකාශයක් කළ ඇමැතිවරයා ඉදිරි දින දෙක හෝ තුන ඇතුළත මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළේය.
වැලිගම ප්රාදේශීය සභා සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඊයේ (22) සිය නිල කාර්යාලයේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website