ඩෙංගු රෝගය පැතිරෙයි

මේ දිනවන පවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව, ජාතික ඩෙංගු මර්දන ව්යාපාරයේ ප්රජා වෛද්ය විශේෂඥ සුසිලා සමරවික්රම මහත්මිය පවසන්නීය.
මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිට ඊයේ (22 වැනිදා) දක්වා ඩෙංගු රෝගීහු 40,838 දෙනකු වාර්තා වී ඇති අතර, එම රෝගීහු අතුරින් මරණ 22ක් වාර්තා වී ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය. මඩකලපුව, කුරුණෑගල, රත්නපුරය යන දිස්ත්රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි.
ඩෙංගු රෝගය පවතින හෙයින්, උණ රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්යවරුන්ගෙන් ප්රතිකාර ලබාගත යුතු වේ.
ළමා, වැඩිහිටි, ගර්භනී මවුවරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් උණ රෝගයෙන් පෙළේ නම් ප්රථම දිනයේම සුදුසුකම්ලත් වෛද්යවරයකුගෙන් ප්රතිකාර ලබා ගන්නා මෙන් වෛද්ය සුසිලා සමරවික්රම මහත්මිය දන්වා සිටියි.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website