සිසුන් 17 ක් සමග බස් රියක් අනතුරේ..!

රාගම පොලිස් බලප්රදේශයට අයත් බටුවත්ත දුම්රිය ස්ථානය අසලදි 19 වනදා සවස බාලදක්ෂ කංඩායමක සිසුන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ කුඩා ප්රමාණයේ බස් රථයක තිරිංග අක්රීය වීමෙන් බස් රථය පෙරලී එහි ගමන් ගත් සිසුන් පිරිසක් තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇත. බටුවත්ත මහා විද්යාලයේ පැවති බාල දක්ෂ වැඩමුළුවට සහභාගී වි නැවත යමින් සිටි කැලණිය හෙයියන්තුඩුව මහින්ද මහා විද්යාලයේ ඉගෙනුම ලබන බාල දක්ෂ කංඩායමට අනුයුක්ත සිසුන් 17 ක් රැගත් අංක (60-7057) දරණ බස් රථය මෙලෙස මාර්ගය හරහා පෙරලී තිබිණි. බටුවත්ත දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී තිරින්ග ක්රියා විරහිත වීමෙන් රියදුරු පාලනයෙන් මිදී ගොස් සවස 2.00 පමණ මෙම අනතුර සිදුවී ඇත. සිද්ධියෙන් සිසුන් 09 දෙනකු. ගුරුවරියක හා දෙමාපියකු තුවාල ලබා රාගම රෝහලේ ප්රාථමික ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන අතර කිසිවෙකුටත් බරපතල තුවාල නොමැති බවට තොරතුරු අනාවරණය විය. ප්රදේශවාසීන් එක්ව බස් රථයේ සිටි සිසුන් බසයෙන් පිටතට ගැනීමට උදව් උපකාර කර ඇති අතර රාගම පොලිසිය සිද්ධිය පිලිබදව විමර්ශන ආරම්භ කර ඇත.

කුසුම් එස් හැන්නදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website