කලාඔය, මහඔය, දැදුරුඔය ගංවතුර අනතුරු වෙන්න පුළුවන්..! අදත් කාලගුණේ හොඳ නෑ..!

පවතින අයහපත් කාලගුණය නිසා මහඔය, දැදුරුඔය, කලාඔය ආශ්රිත ප්රදේශවලට ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි..
මෙම තත්ත්වයට හේතුව දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීම බව ප්රකාශ කරන එම දෙපාර්තමේන්තුව මෙම ගංගා ආශ්රිත පහත්බිම් වල ජීවත්වෙන ජනතාව අවදානයෙන් සිටිය යුතු බව ප්රකාශ කරයි.
තව දුරටත් එම දෙපාර්තමේන්තුව ප්රකාශ කරන්නේ අද දිනයේත් දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුළින් බරව පැවතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.
මෙම තත්ත්වය තුළ බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.
මෙම තත්ත්වය තුළ ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බව ප්රකාශ කරන එම දෙපාර්තමේන්තුව ධීවරයන් ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතු බව දන්වා සිටී.
බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්ක හය සඳහා තවමත් නාය යාම අනතුරු සහිත බවද ප්රකාශ වේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website