විල්පත්තුව ජාතික වනෝද්යානයේ සංචාරය සඳහා එළුවන්කුලම පිවිසුමෙන් ඇතුලු වූ සංචාරකයන් පිරිසක් ඇඳහැළුණු වර්ෂාවත් සමඟ යළි පිවිසුම කරා යාමට නොහැකිව කොටුවී සිට ඇති අතර එම පිරිස වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන ආරක්ෂිතව පිවිසුම වෙත රැගෙන විත් ඇත.
දෙස් විදෙස් සංචාරකයින් 30කට අධික පිරිසක් ඔවුන් ගමන්ගත් මාර්ගය කැඩීයාම හේතුවෙන් මෙසේ සිරව සිට ඇති අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා කලා ඔය හරහා ගලා ආ දැවැන්ත ජල කඳ මෙයට හේතුව බව වාර්තා වෙයි.
මේඝ







