සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා ඇප මත නිදහස් කරන්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කර ඇත.
2019 වර්ෂයේ දී නිසි ක්‍රියා පටිපාටි අනුගමනය නොකර ප්‍රතිසංස්කරණය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යෙදවීම, ඒ සඳහා රජය සතු ද්‍රව්‍ය හා උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ලවෙන අතර ඒ අනුව අද (16) ඔහුව අත්අඩංගුවට ගත්තේය.
මේඝ







