මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමේ මධ්‍යස්ථාන 10ක් රටපුරා ස්ථාපිත කිරීමට රජය පියවර ගනී.
මත් උවදුර තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමති, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මේ මාසය අවසානයේ එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවද පැවසූ ඇමතිවරයා, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, පළමු මධ්‍යස්ථානය පොළොන්නරුව වැලිකන්ද, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාපිත කරන බව සඳහන් කළේය.
ඇම්. ඩී. ධර්මසිරි







