දිනපතා වාර්තා වන අනතුරුවලින් වැඩි ප්රමාණයක් සිදුව ඇත්තේ රියදුරන් මත්ද්රව්ය පාවිච්චි කොට රිය පැදවීම නිසා බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂක වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටිනවා.
එලෙස මතට ඇබ්බැහිව සිටින රියදුරන් අතරින් බර වාහන සහ බස් රථ රියදුරන් වැඩි වශයෙන් සිටින බව ද ඔහු මෙහි දී වැඩිදුරටත් පැවසුවේය.
මේ පිළිබඳව ඉක්මන් පියවරක් නොගතහොත් අනතුරු වැඩිවීම තුළින් මරණයට පත්වන්නන්ගේ ද,
ජීවිත කාලය පුරාවට අබාධිත තත්ත්වයට පත්වන්නන්ගේ ද සංඛ්යාව ඉහළ යන බවටත් නියෝජ්ය අධ්යක්ෂකවරයා අනතුරු ඇඟවීමක් කළ බව ද සඳහන් වේ.
ඇම්. ඩී. ධර්මසිරි








E-Paper