ඉස්ටදන් වතුයායේ කුණු ගොඩ ගැසෙයි

හැටන් දික්ඔය නගර සභා සීමාව තුළ එක් වන සියලුම අපද්රව්යයන් හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ඉස්ටදන් වතුයාය අසල තිබෙන පැරණි තානායම් ගොඩනැගිල්ල තුළ ගොඩගසා දැමීම හේතුවෙන් එකී වතුයාය අවට වෙසෙන ජනතාවට ඉමහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදුව ඇත.
අධික දුර්ගන්ධය නිසා එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට නොහැකි බවත් කන්නට බොන්නට හෝ නිදන්නටවත් බැරි තරමට දුර්ගන්ධය එම ප්රදේශය පුරාම පැතිර ඇති බවත් මැස්සන් සහ මදුරුවන්ගෙන් දැඩිව පීඩා විඳින බවත් ඔවුන් පවසා සිටිනවා.
හැටන් මහනුවර,හැටන් කොළඹ සහ නාවල පිටිය පෙදෙස්වලට බසයෙන් යන එන මගීන් හට ද මෙම දැඩි දුර්ගන්ධය නිසා විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුව ඇති බැවින් කඩිනම් සහනයක් මේ වෙනුවෙන් ඉල්ලා සිටින බව සැලය.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to E-Paper

Screenshot (58)
aravindaya
yathra
Search this website