ශාරුක් එහෙමත් නැත්නම් ‘කිං ඛාන්’ අන්තිම මොහොතේ රිජෙක්ට් කරපු ශ්රී ලංකා සංචාරය රිතික් රෝෂන් බාර ගත්තා, මේ ගමන තුළින් රිතික් පෙන්නුවේ ඔහුගේ නිහතමානි බව, මොකද …නමට මුලින් ‘කිං’ කියලා නොතිබුණාට රිතික් කියන්නෙත් බොලිවුඩ්වල සුපිරිම තරුවක්, ඒත් ඔහු තමන්ගේ අසල්වැසි රටට ආවා. ඒ විතරක් නෙමෙයි හරිම ආදරණීය විදියට ශ්රී ලාංකීය මිනිස්සු එක්ක ගනුදෙනු කළා.
2026 අවුරුද්දේ ඔහුගේ උපන්දිනය ලංකාවේ සමරන්නත් එනවා කියලා සෙනෙහසින් පොරොන්දුවකුත් දුන්නා. මුහුණු පොත පුරාම පහුගිය දවස්වල රිතික්ගෙ මිත්රශීලී සුහදත්වය ගැන පෝස්ට් මහ ගොඩක් තිබුණා.
ඒ හුඟාක් තැන්වල තිබුණේ, ‘ඇවිත් ගියාට ස්තුතියි රිතික්, ඔයා අපි හිතුවට වැඩිය හොඳ තරුවක් කියලයි’ ඒක ඇත්ත, කඩවසම් වගේම රිතික්ගෙ හිතත් සත්තකින්ම සුන්දරයි
දමයන්ති








