පැහැර ගැනීමක් සහ බිය වැද්දීමක් සම්බන්ධ විමර්ශනයක සැකකරු වශයෙන් අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට පෙරේදා (07 ) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සදහම් සෙවණ වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
එහි දී උන්වහන්සේ එහි නොසිටි බවත්, උන්වහන්සේගේ ජංගම දුරකථනය අක්‍රීය කොට ඇති බවත් පවසන නිලධාරින් වැඩ් දුරටත් ප්‍රකාශකර සිටියේ, උන්වහන්සේ සැගව ගොස් ඇති බව අනුමාන කරන බවයි.
2020 අවුරුද්දේ ‘ අපේ ජනබල පක්ෂයේ ‘ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැර ගෙන ගොස් ව්‍යාජ ලේඛන සඳහා බලහත්කාරයෙන් අත්සන් ගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේව මෙලෙස අත් අඩංගුවට ගැනීමට පැමිණි බවයි ඔවුන් පැවසුවේ. මෙම සිදූවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂග්ගෙන් ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
දමයන්ති








