Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවං වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවං වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වී ඇත.  අද (12) ඔහුගේ ඉවත්වීම නිවේදනය කළේය.

ජෙන්සන් හුවාං චීන ඔත්තුකාරියක සමග සබඳතාවක් පැවැත්වූ බවට වාර්තා වීමෙන් පසු ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර විමර්ශනය මගින් Nvidia හි සෞඛ්‍ය සේවා උප සභාපති කිම්බර්ලි පවෙල් සමඟ දෙවන සම්බන්ධයක් ද අනාවරණය වූ බව සඳහන් කළේය.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව, ජෙන්සන් හුවාං සමග සමීප සබඳතාවක් පැවැත්වූ චීන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං, චීනයට ඔත්තු සපයන්නියක බව ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීහු විශ්වාස කරති.

ජෙන්සන් හුවාං තම බිරිඳට “විශ්වාසවන්ත නොවූ” බව පිළිගත් අතර ඇයට සහ ඔවුන්ගේ දරුවන්ට ඇති වූ සිත් රිදවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේ ය.

Nvidia යනු ලොව විශාලතම සමාගම්වලින් එකක් වන අතර නැගී එන AI තාක්ෂණයන් සඳහා දෘඪාංග සැකසීමේ කේන්ද්‍රීය සමාගමක් ලෙස සැලකේ. ජෙන්සන් හුවාං වසර 30කට වැඩි කාලයක් එම සමාගම භාරව කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website