කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (26) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය, “ඔර්නබ්” සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇත. එය බටහිර දෙසට ගමන් කර ඇති අතර, අද දින (2026 ඔක්තෝබර් 26) පෙ.ව. 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.4 සහ නැගෙනහිර දේශාංශ 88.5 ආසන්නයේ කන්කසන්තුරයේ සිට කි. මී.1100 පමණ ඊශාන දෙසින් කේන්ද්රගතව පැවතුනි. මෙම පද්ධතිය බොහෝ දුරට බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2026 ඔක්තෝබර් 26 වන දින ප.ව. 5.30 වන විට බටහිර -මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත. අනතුරුව එය තවදුරටත් වර්දනය වෙමින් 2026 ඔක්තෝබර් 27 වන දින වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වෙමින්, 28 දින පෙ.ව. 11.30 පමණ වන විට අන්ද්රා ප්රදේශය හරහා ඉන්දියානු වෙරළ තීරයට ඇතුල් වේ යැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරුමැද පළාත්වල සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ















