ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දිනය වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත්, නායයාම් අවදානම් කලාපවල ජීවත්වන ජනතාව නිල අනතුරු ඇඟවීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ජනතාවගෙන් ඉල්ලා සිටී. ඕනෑම හදිසි ආපදා තත්ත්වයක් දැනුම් දීම සඳහා117ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතී.








