කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධ අවසන් තීරණය අද (05) රැස්වන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයන් සාකච්ඡා කරමින් සිටින බව කී අජිත් පී. පෙරේරා මහතා අදාළ විශ්වාසභංග යෝජනාව මේ වන විට කෙටුම්පත් කර ඇති බව ද සඳහන් කළේය.
















