ඉන්ධන පාරිභෝජනය පාලනය කිරීමේ දී විශාල වගකීමක් ජනතාවටත් තිබෙනවා – බලශක්ති ඇමැති

අප රටක් ලෙස ඉන්ධන මිල පාලනය වගේම ඉන්ධන පරිභෝජනය පාලනය කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බවත් එහි විශාල වගකීමක් ජනතාවටත් තිබෙන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “අපි අද ඉන්නේ බලශක්ති සංක්‍රාන්ති යුගයක. ලෝකය වේගයෙන් පිරිසිදු බලශක්ති භාවිතය කෙරෙහි යොමු වෙමින් සිටිනවා. ඒ සඳහා විදුලි වාහන භාවිතය ඉතා වැදගත්. අපේ රටත් දැන් ඒ කෙරෙහි යොමු වෙමින් සිටිනවා. සූර්ය බලශක්ති භාවිතයත් ඒ සඳහා වැදගත් වෙනවා. 2029 මෙගාවොට් 1200 විදුලි ධාරිතාවයක් සූර්ය බලශක්ති මගින් ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපෙරොත්තු වෙනවා. 

අප රටක් ලෙස ඉන්ධන මිල පාලනය වගේම ඉන්ධන පරිභෝජනය පාලනය කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. එහි විශාල වගකීමක් ජනතාවටත් තිබෙනවා. විශේෂයෙන්ම බලශක්ති පරිභෝජන රටාව වෙනස් කරගැනීමට කටයුතු කිරීම වැදගත්. එහිදි  වැඩි බලශක්ති ඉල්ලුමක් ඇති අවස්ථා මගහැර විදුලි භාවිතයට යොමු වීම, ඉන්ධන පිරිමැසුමක් සහිත වාහන විශේෂයෙන්ම විදුලි වාහන භාවිතය කෙරෙහි යොමු වීම තුළින් මේ බලශක්ති සුරක්ෂිතතාවයට විශාල සහයක් ලැබෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website