පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) විභාග වෙමින් පවතින නඩුවට අදාළව අන්තර්ජාලය හරහා සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.
රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය දරන සමයේ ලලිත් – කුගන් අතුරුදන් වූ අතර එය මහත් දේශපාලන ආන්දෝලනයක් ඇති කළේය.















