


යාපනය නල්ලූර් හි ඉදිකර තිබූ කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වන තිලීපන්ගේ ස්මාරකය පොලිසිය විසින් අද (27) එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.
පූර්ව දැනුම්දීමකින් තොරව පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වැඩි පිරිසක් පැමිණ, පාවහන් පිටින් ඇතුළු වී බලාත්කාරයෙන්ම එම පිළිරුව රැගෙන ගොස් ඇත.
තිලීපන්ගේ සැමරුමක් ඊයේ (26) එම ස්ථානයේ දී පවත්වා ඇත.
















