බද්දේගම හල්පතොට වෙඩි තැබීම: කාන්තාවක් සහ පිරිමියෙක් මරුට – තවත් කාන්තාවකට බරපතළයි

ත්‍රීරෝද රථයකින් ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීමෙන් පිරිමියෙකු සහ කාන්තාවක් මරණයට පත්ව තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම කළ බව බද්දේගම පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරිමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව කී පොලිසිය ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මග හරස් කරමින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශවලදී අනාවරණය වී ඇති බව ද සඳහන් කළේය.

තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website