22 සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක පාර්ලිමේන්තුවට කියයි

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් පරිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 2 වන වගන්තියේ සඳහන් ’67ට එළඹෙන යන දිනය’ යන්න වෙනුවට ’67 සම්පූර්ණ කළ දිනය’ ලෙස වෙනස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මේ අතර, විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වන පිරිවිතරයන් මෙම කෙටුම්පත ක්‍රියාත්මක වන දිනය වන විට අගවිනිසුරු ධූරයේ කටයුතු කරන පුද්ගලයාට අදාළ නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන බව ද කතානායකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website