ඊයේ (16) රාත්රියේ මට්ටක්කුලිය ප්රදේශයේ දී පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය අහිමි කළ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාර් රථයේ රියදුරු ගංජා භාවිතා කර ඇති බවට තහවුරු වී ඇතැයි මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පැවසුවේය.
මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.










