අධිකරණ තීන්දුවක පිටපතක් ලබා දීම සඳහා රුපියල් 500ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත කාර්යාල සහායකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) පස්වරු 3.35 ට පමණ අධිකරණ පරිශ්‍රය තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.












