ඊයේ (16) රාත්රීයේ මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගියුෂන් හන්දිය ප්රදේශයේ දී වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ත්රීරෝද රථ දෙකක හා යතුරුපැදි දෙකක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්රථිකාර ලබමින් සිටියදී ඉන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 44 හා 64 වයස්වල පසුවූ ග්රෑන්ඩ්පාස්, කොළඹ 15 හා මට්ටක්කුලිය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
අවුරුදු 52ක් වන මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූපයකි.












