පළාත් පාලන සතිය අද (14) දින ආරම්භ වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන වෙනුවෙන් සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේය.
දින 06ක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මීට අදාළ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී මූලිකවම ජනතාවට බලපාන ගැටලු මෙන්ම පරිසර, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු සහ සාහිත්‍ය සම්බන්ධ වුවමනාවන්, ඇතුළු සියලු කරුණු ආවරණය වන පරිදි මෙම පළාත් පාලන සතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.














