දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් හෙට (14) ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට දුම්රිය වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබා දී ඇති බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් පැවසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලන ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීම, දුම්රිය ප්‍රමාදය වැළැක්වීමට පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් දිනා ගැනීම වෙනුවෙන් ලබන 17 වැනිදා වෘත්තීය සමිති ගණනාවක සහයෝගයෙන් වැඩ වර්ජනයක් දියත් කිරීමට කළ සැලසුමට ප්‍රතිචාර වශයෙන් මෙම සාකච්ඡාව ලබාදී ඇති බව ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසඳුම් ලබා නොදුනහොත්, සැලසුම් කර ඇති පරිදි සැලසුම් කළ පරිදි වැඩ වර්ජනය දියත් කරන බව ඔහු අවධාරණය කළේය.













