දැඩි නියඟය හමුවේ දිස්ත්‍රික්ක අටක ප්‍රජා ජල ව්‍යාපෘති 1897ක් දැඩි අවදානමක

දිස්ත්‍රික්ක අටක පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රජා ජල ව්‍යාපෘති මගින් භාවිතා කරන ජල මූලාශ්‍ර 5,464 න් 1,897 ක් අවදානමට ලක්ව ඇති බව ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36ක මේ වන විට පානීය ජල හිඟයක් මතු වී ඇති බවත්, එමඟින් පවුල් 40,945 ක් පීඩාවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

“බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට බවුසර් සහ වෙනත් ක්‍රම මගින් ජලය සැපයීමට දැනටමත් කටයුතු යොදා තිබෙනවා” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දිවයින පුරා ජල සැපයුම් ව්‍යාපෘති 352ක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිවලින් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල සහ මඩකලපුවේ ව්‍යාපෘති දෙකක් පමණයි. මඩකලපුවේ, වයඹ පළාත් ජල සම්පාදන මණ්ඩලය සඳහා ප්‍රධාන ජල මූලාශ්‍රය වන උන්නිච්චායි ජලාශයේ ජල මට්ටම පහත වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පවුල් 75,000 කට පමණ දිනකට පැය 24 සිට පැය 20 දක්වා සැපයුම අඩු කර තිබෙනවා. කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ කළ සාකච්ඡාවලින් පසුව, සැප්තැම්බර් මාසයේදී වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කළ හැකි බව බලධාරීන්ට දන්වා තිබෙනවා. හදිසි පියවරක් ලෙස ළිං තුනක් ද ඉදිකරමින් තිබෙනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website