කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් අලෙවි කළ ප්‍රකට බේකරි සමාගමකට රුපියල් ලක්ෂ දෙකක දඩයක්

පාරිභෝගිකයින් නොමඟ යවමින් කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන්, කොළඹ 13, ශාන්ත බෙනඩික් මාවතේ පිහිටි පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Perera and Sons Bakers Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් නඩු පවරා තිබුණි.

2026 අප්‍රේල් 20 දින අදාළ වෙළෙඳසැලේ සිදුකළ පරීක්ෂාවකදී, කල් ඉකුත් වීමේ දිනය 2026/04/16 ලෙස සඳහන්ව තිබූ ස්ට්‍රෝබෙරි රසැති ක්‍රීම් බනිස් අලෙවි කිරීම අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.

2026 සැප්තැම්බර් 09 දින නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව ගරු අධිකරණය විසින් රුපියල් 200,000/- ක (ලක්ෂ දෙකක) දඩ මුදලක් නියම කර ඇත.

📢 පාරිභෝගික ඔබට වැදගත් පණිවිඩයක්:

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නිෂ්පාදන දිනය සහ කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කරන්න. කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website