ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් 119 පොලිස් හදිසි ඇමතුම් සේවය: ඔබ මේ ගැන දැනුවත් ද ?

ඔබ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු නම් ශ්‍රී ලංකා පොලිසියට හදිසි පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම සඳහා මින් ඉදිරියට ඔබට Whatsapp සමාජ ජාලය භාවිතා කළ හැකියි.

119 කෙටි දුරකථන අංකය වැනි කෙටි දුරකථන අංකයක් නුදරේදීම හඳුන්වාදෙනතෙක් 011-2809980 දුරකථන අංකයට Whatsapp යෙදවුම ඔස්සේ ඇමතුමක් ලබාගන්න.

119 හදිසි ඇමතුම් අංශයේ රාජකාරි නියුතු සංඥා භාෂා දැනුමැති නිලධරයෙකු ඔබගේ වීඩියෝ ඇමතුමට කඩිනමින් ප්‍රතිචාර දක්වයි.

එමගින් ලබාගන්න තොරතුර අනුව ලඟම පොලිස් ස්ථානයේ නිලධරයන් ඔබේ ගැටළුව සඳහා වහා ක්‍රියාත්මක වේ.

ඉහත ආකාරයට පොලිස් සේවය ලබාගැනීම සඳහා ඔබ විසින් අනුගමන යුතු ක්‍රියා අනුපිළිවෙල –

• පළමුව 011-2809980 දුරකථන අංකය ඔබේ දුරකථනයේ Save කරගන්න.

• ඉන්පසු Whatsapp හරහා එම අංකයට දුරකථන ඇමතුමක් (Audio call) ලබා ගන්න.

• එවිට එම දුරකථන ඇමතුම විසන්දි වී ඔබේ දුරකථනය වෙත Link (යොමුවක්) ලැබෙනු ඇත.‍

• එම Link (යොමුව) මගින් නැවත Whatsapp වෙත පිවිසෙන්න.

• එහි ඇති “Join Browser” Click කර “Join meeting” වෙත පිවිසෙන්න

මෙම පිළිවෙල සාර්ථකව සිදුකරගැනීම මගින් ඔබට සාර්ථකව 119 හදිසි ඇමතුම් අංශය හා සම්බන්ධ විය හැකියි.

2026.09.03 වන දිනට යෙදුනු 160 වන පොලිස් දිනයට සමගාමීව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රව්‍යාබාධීත ප්‍රජාවගේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් විවෘත කල මෙම විශේෂ ව්‍යාපෘතිය 2026 සැප්තැම්බර් මස 10 වන දින සිට සක්‍රිය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ නිල facebook පිටුවේ ප්‍රකාශයට පත්කරන ලද මහජන දැනුවත් කිරීමක සම්පූර්ණ උපුටා ගැනීමකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website