අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු නොවෙන්නයි. ඒත් මාර්ග අනතුරක්, ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් හෝ වෙනත් හදිසි අවස්ථාවක් ඇතිවුණොත් ඉක්මනින් පොලිස් සහාය ලබාගැනීමට අවශ්‍ය මාර්ගයක් කලින්ම දැනගෙන සිටීම වැදගත්.
Sri Lanka Police App එකේ Home Screen එකේ පහළ මැදින් ඇති රතු පැහැති “SOS” button එක ඒ සඳහා පහසුවෙන් හඳුනාගත හැකි ලෙස ලබාදී තිබෙනවා.
SOS භාවිතා කරන්නේ මෙහෙමයි
01 — Sri Lanka Police App එක ඔබේ දුරකථනයට ලබාගන්න
Google Play Store එකෙන් “Sri Lanka Police” App එක download කර install කරගන්න.
02 — App එක විවෘත කරන්න
App එක open කළ පසු Home Screen එකට පිවිසෙන්න. එහි Police News, Emergency Hotline, Station Finder, E-Services ඇතුළු සේවාවන් සමඟ පහළ මැද SOS බොත්තම ඔබට දැකගන්න පුළුවන්.
03 — හදිසි අවස්ථාවක “SOS” බොත්තම තෝරන්න
ඔබට හෝ ඔබ අසල සිටින අයෙකුට හදිසි පොලිස් සහාය අවශ්‍ය අවස්ථාවක රතු පැහැති SOS button එක තෝරන්න.
04 — තිරයේ පෙන්වන උපදෙස් අනුගමනය කරන්න
SOS තෝරාගත් පසු App එක මඟින් ලබාදෙන උපදෙස් හොඳින් කියවා අවශ්‍ය පියවර සම්පූර්ණ කරන්න. Location වැනි අවසර ඉල්ලා සිටින අවස්ථාවල, සේවාව නිවැරදිව ක්‍රියාත්මක වීමට ඒවා කලින් සකසා තිබීම ප්‍රයෝජනවත්. Google Play හි app data-safety තොරතුරු අනුව Location දත්ත භාවිතා කළ හැකියි.
05 — ඔබ ආරක්ෂිත ස්ථානයක සිටීමට උත්සාහ කරන්න
SOS request එක ක්‍රියාත්මක කරන අතරතුර හැකි නම් අනතුරුදායක ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට යන්න. ජීවිත අවදානමක් ඇති තත්ත්වයකදී ඔබේ ආරක්ෂාව ප්රමුඛ කරගන්න.
මතක තබාගන්න
දැනට මෙම සේවාව කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
SOS button ක්‍රියාත්මක කිරීමේදී ඔබ සිටින ස්ථානය අනිවාර්යෙන් ලබාදිය යුතු නිසා SOS button එක අත්හදා බැලීමට, විහිළුවකට හෝ ව්‍යාජ හදිසි අවස්ථා සඳහා භාවිතා නොකරන්න.
සැබෑ අවශ්‍යතාවක් ඇති පුද්ගලයෙකුට ඉක්මන් සහාය ලබාදීමට හදිසි සේවාවන් නිවැරදිව භාවිතා කිරීම අප සැමගේ වගකීමකි.
ශ්‍රී ලංකා පොලිසියේ නිල facebook පිටුවේ පළ වූ ලිපියකි – සංස්කාරක














