MV X-Press Pearl නෞකාවේ අනතුරට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන කිහිපයක හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පරිසර ක්‍රියාකාරිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
ඊයේ (2) Daily Morning පුවත්පතට අදහස් දක්වමින් ආචාර්ය පෙරේරා පැවසුවේ, මේ සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ බවත්, සතියකට පමණ පෙර සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා දුන් බවත්ය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ආචාර්ය අජන්තා පෙරේරා මෙසේ ද පැවසුවාය, “MV X-Press Pearl ඛේදවාචකයට අදාළ සියලු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා මම CIABOC වෙත පැමිණිල්ලක් ගොනු කළා, නමුත් ඔවුන් කිසිසේත් කිසිවක් කරන්නේ නැහැ. ඔවුන් අපෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. අපි කියපු හැම දෙයක්ම ඔවුන් ලියා ගත්තා, නමුත් ඔවුන් කිසිවක් කළේ නැහැ. මූලික වශයෙන්, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), නීතිපති දෙපාර්තමේන්තුව සහ පරිසර හා මුදල් අමාත්‍යාංශ විමර්ශනය කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. එම ආයතනවල සියලුම වාර්තා හොඳින් පරීක්ෂා කර බැලිය යුත්තේ එහි අල්ලස් ගැටලු රාශියක් ඇති බව අප දන්නා නිසයි”
MV X-Press Pearl රක්ෂණ සමාගමේ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවී ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවත්, එවැනි හමුවක් සිදුවී ඇත්දැයි ප්‍රසිද්ධියේ පැහැදිලි කරන ලෙස ඔහුට අභියෝග කළ බවත් ආචාර්ය පෙරේරා තවදුරටත් කියා සිටියාය.
ආචාර්ය අජන්තා පෙරේරා MV X-Press Pearl නෞකාවේ අනතුරට වන්දි ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත් පෙත්සම්කාරියක ද වේ.
daily Morning ඇසුරිණි.












