කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂකවරයෙකුට ලද තොරතුරක් අනුව ඔහු ඇතුඵ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (02) දහවල් වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේ දී සිදුකල වැටලීමක් මගින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 170 ක් හා මෙත්ඇමිපිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් ඇතුඵව මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක රුපියල් ලක්‍ෂ 03 ක මුදලක් සන්තකයේ තබා ගැනිමේ වරදට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 වන වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් සිදුකරයි.











