22 වන සංශෝධනය අභියෝගයට ලක් කළ පෙත්සම්වලට අදාළ ලිඛිත කරුණු ගොනු කිරීමට නියෝග

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ලිඛිත කරුණු හෙට (03) පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) පෙත්සම්කාර පාර්ශ්වයන්ට නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ගොනු කරන ලද පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අවසන් කර ඇත.

පෙත්සම්වලට අදාළ සාකච්ඡා අවසන් වීමෙන් පසුව, පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තම රහස්‍ය තීරණය කථානායකවරයා වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්, පනත් කෙටුම්පතට සහාය දක්වන නීතිඥවරුන් සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website