ශ්‍රී ලංකා රේගුවේ ආදායම් කාර්ය සාධක බලකාය විසින් වානේ දොරවල් 06ක් තුළ සඟවා තිබූ චීන දුම්වැටි කාටුන් 1000කට ආසන්න ප්‍රමාණයක් අද (02) සොයා ගෙන ඇත.
මිශ්‍ර භාණ්ඩ අඩංගු බහාලුමක් පරීක්ෂා කිරීමේදී වානේ දොරවල් 06ක් තුළ සඟවා තිබූ චීන දුම්වැටි කාටුන් 1000කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් කාර්ය සාධක බලකාය විසින් සොයා ගෙන තිබේ. මෙම භාණ්ඩ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සමාගමක් වෙත යොමු කර තිබූ අතර, චීනයේ සිට මෙරටට පැමිණ තිබේ.
භාණ්ඩ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.












