කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් පළතුරු වගාවේ යෙදෙන ගොවීන්ගේ අවදානම ආවරණය කිරීම සඳහා පලතුරු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.
අන්නාසි, පැපොල්, කෙසෙල් ආදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත භෝග වගා මෙම රක්ෂණය යෝජනා ක්‍රමයට යටත් වේ.
මූලික රක්ෂිත මුදලින් 7%ක මුදලක් පමණක් වාරිකයක් ලෙස ගෙවා රක්ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව පවතින අතර ඒ මගින් ස්වාභාවික විපත්, රෝග හා පලිබෝධ, කෘමි හානි සහ වන අලින්ගෙන් සිදුවන හානි ආවරණය කරනු ලැබේ.
හානි වීමක දී අක්කරයකට රුපියල් 300 000 සිට රුපියල් 400 000 (රුපියල් ලක්ෂ 3-4) දක්වා වන්දි මුදලක් හිමි වේ. අවදානම කළමනාකරණය කිරීම තුළින් ගොවියා වගාව කෙරෙහි රඳවා තබා ගැනීම මෙම රක්ෂණ යෝජනා ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වේ.













